Sunday, August 18, 2019

11 න් බෙදෙන සංඛ්‍යාවක් හඳුනා ගැනීම

·   2753864289 සංඛ්‍යාව 11 න් බෙදේ ද?
මෙහි දැක්වෙන ආකාරයට පළමු ඉලක්කමෙන් පටන් ගෙන ඔත්තේ ස්ථානවල ඇති ඉලක්කම් වෙනම ද‚ දෙවන ඉලක්කමෙන් පටන් ගෙන ඉරට්ට ස්ථානවල ඇති ඉලක්කම් වෙනම ද වෙන් කර ගනිමු.
දැන් ඔත්තේ ස්ථානවල ඇති ඉලක්කම්වල එකතුව වෙනම ද ඉරට්ට ස්ථානවල ඇති ඉලක්කම්වල එකතුව වෙනම ද සොයමු.

මෙලෙස ලැබෙන අගයන් දෙක සමාන නිසා එනම් අගයන් දෙකේ අන්තරය 0 නිසා මුලින් දී ඇති සංඛ්‍යාව 11 න් බෙදේ.
  • 3421627 සංඛ්‍යාව 11 න් බෙදේ ද
ඉහත සදහන් ආකාරයට අගයන් දෙක ලබා ගෙන එම අගයන් දෙකේ අන්තරය සොයමු.
අන්තරය =18-7 = 11
මෙහිදී ලැබෙන අන්තරය 11 න් බෙදෙන නිසා මුලින් දී ඇති සංඛ්‍යාව 11 න් බෙදේ.
මෙලෙස ඉහත ආකාරයට යම් සංඛ්‍යාවක ඉලක්කම්වල අන්තරය සෙවූ විට 0, 11, 22, 33, ... ආදි ලෙස 11 න් බෙදෙන සංඛ්‍යාවක් ලැබේ නම් එම සංඛ්‍යාව 11 න් බෙදේ.

·  පහත දී ඇත්තේ එවැනි සංඛ්‍යා කිහිපයකි.


9 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. Replies
    1. https://play.google.com/store/apps/details?id=io.kodular.kmdckmaths.O_level_maths

      Delete
  3. ගණිත ගුරුවරයෙකු වෙමි. ඔබ හඳුනාගැණීමට අවශ්‍යයි. මා අමතන්න. 0716349257
    www.mathematica.lk

    ReplyDelete